Tuesday, May 15, 2012



Lawyer Court

(උසාවිය අබියස
කලු කබායකට
මෙහෙමත් හිතෙනවා ඇති) 


උසාවිය අබියස
නුඹ ගමන් කරන'යුරු
‍එහා මෙහා වෙවී....
සමතකුව හොයනවා ඇති...
ජීවිතය පෙළන හෙයින්
'හිරිහැරය නිමා කරනුව
නුඹ ම'වෙතට එනු ඇති....
නුඹ නොදැනම එය මට
සහනයක් වනු ඇති

එකම ගැටලුව
පෙළීමත් එකෙකුව
සහනයක් තවකෙකුට
එක වරම හිමි වන අරුමයට
කියන නම් තව
බොහෝ තියෙනවා ඇති

No comments:

Post a Comment