Wednesday, November 7, 2012




සියොතුන්ට ඉඟි බිඟි කර
විසල් රුක්, රුවැති මල්
සියල් පිරිමැද
ගිජුව තුඩ'ඟින් හාදු පා කර
පා නර්තනය
සුරතලය ගෙනහැර
පියමැන සැවොම පසුකර

මගබලන මිහිකත මත
විහිදාන නෙත් යුග,

වැතිර ගිමන නිවනට
සයනය වන්නේදැයි
රහසින් විමසන
වැහි බිඳුව
එතරම්ම චපල නෑ නුඹ....


Saturday, November 3, 2012


---සයුරු හිමි---

පැමිණිමි තනිව
සිහින් රැළි නගාගෙන
හිමි හිමින් ගලාගෙන
අවසන
මම ඔබ දකිමි

ඔබ
ඇය සමග

ඇයත් සමග
තවත් අය සමග

පසුව හා පෙර පැමිණි 
සැම සමග
තනි නැතිව

මම ඔබ දකිමි


Tuesday, October 30, 2012


අමතන විට 
අප මුල් වරට
ඔබගෙ හඬ 
මටත් වඩා සැලෙන

ඔබ අනේ 
සැලෙන ලා පත
තදින් රිදවන්න
මටම දුක හිතෙන...


Photo: Please share this album © Evgeniya Batysheva
http://facebook.com/ArtPics.tv

මට නම්...

හඳුනගනු අසීරුය
හුදෙකලා වූ හස්තයකි
තනිව ගමන් යති
සඟවගෙන ඇඟිලි තුඩු 
පිනි වැස්සකට තෙමි තෙමී...

තනිව ඇද හැලී
සොබාවික ලෙස
පිහිටිය නොහැකිවී

ගිම්හාන උණුසුමෙද

එදා ඒ සුරත මතම 
වැතිරුණ....


Monday, October 22, 2012




හිරු එළිය විඳ විඳ
පැහැපත්ව හා නිරුපද්‍රිතව
කෙළි දෙලෙනි
'මග වැජඹෙන
සියලු වූ මහ රුක් පෙළ,

අමතකව ඒවා විටෙක
කැඳවති
සඟවා තැබූ 
ලා පැහැති අතු හා මල්ද

'හිරු එළියටම

ඉදින් නොහැකිය
වගක් ගන්නට 
ඒ යටි අසුරනයනට
ඉර දවටන
පැහැය තවරගන්නට
අකමැති වන බවට...





දොර වසා 
පළවා හරින විටදිත්
පිටත් විය 
මුවින් නොබැනම

එහෙයින්ම 
පළා ගියේය
ප්‍රතික්ෂේපයේ 
අපේක්ෂිත තෘප්තියද...

Wednesday, October 17, 2012



නොදිලී ඉන්න
සිතා ගෙන තරුවක්
පසලොස්වක දිනවත්...
නෙත් පියාගෙන 
වැතිර ගෙන...

'සඳ නුඹ ගන්න 
මුලු අහසම
හැම රැයම'




වැහි බිංදු
එක පොකුරකට ගෙන
වළාකුළු 
මුර සෙබළු ලෙස

සිරකර 
අණසක 
පතුරගෙන

අහස ඒ ගැන
හිත නොහොඳ
කරගෙන....