තුෂර ඉසව්ව
Pages
කවි, කෙටි කතා
Sunday, February 12, 2012
කියූ පරිදිම ඔබ සැමවිට
පේවන්න ඔබටම
,
මෙතෙක් කල්
අතින් කටින් එල්ලා ගත් දෑ
බිම හෙළන ලදින් මා
,
ඔබම
පටවන ලද
හැකි වෙයිද දැන් ඔබට
බිම දමා අතැර එන්නට
උසුලගෙන සිටින ඔබ
,
ගෙදර නොවන දෑ
සියල්ලද පෙර ලෙස
වික්ෂෝප වී නැත මම
ඔබද විය යුතු නැතිමය
මේ ගැන
,
සිත හදාගනු පිණිසමය
සමාව පුද කෙරුම
අඩු ලුහුඩුකම්
අයහපත යහපත
ඔබ සතු
,
සියල්ලම සමගිනි
හද ගැඹරට
පිළිගන්න මා කැමති
ඒ ඔබේ හැටිය
පහසු එහෙමය...
සත්‍යය හා සිහිනය
අදහාගත නොහැකි වුව
මෙයය සත්‍යය
පිළිගත යුතුව ඇති
ප්‍රිය කළද කෙතරම්
බලා සිටියද
අවසන් මොහොත වනතුරු
යලි පෙනෙනු නැත කිසි විට
ලෙංගතු සුවඳ පවතින
,
එය මා සිහිනයය
ලුහුබැඳ ගියද තව ඵල නැත
අහංකාර අත්ත
තෙතමනයක්
ගෑවිලාවත්
නැති
හිතක් ඇති
අහකට පනින
පය තබන්නට
හදන විටම
පෙන්නුවත් කෙතරම්
වැටෙන්නට බිම
ආසන්න බව අබලන්ව
,
පෙරදාටත් වඩා
නොහඳුනන ලෙස
පියාපත් මෙතරම්
තෙත බරිතව ඇති විටක වුව
හොඳටම අකමැතිව
තෙමෙන්නට බිදකුදු
කවුරුහරි වගේ
නාඳුනන
,
කිසිඳු අවසරයක්
නොදෙන පය තබන්නට
අහංකාර අත්ත....
අම්මාට දැනෙන බියක්....
පුතේ අත නුඹේ
කැපුණත් වැඩි දෙයක්
වෙන්නෙ නෑ තමයි
,
පිහියෙන්
කපන්න ගියාම
ඇඹරැල්ල ගෙඩිය
පුංචි කාලෙ
ඔය පිහිය
ඔයිට වඩා තුවාල
කලා තමයි
මගේ අත
කපන කොටන
වැඩ
බොහොමයකදිම
ඒ වුනත්
ඔය පුංචි අත් පොඩියට
කපන්න දෙන්න
බයයි මට
මේ පිහිය...
(පින්තූරයේ අයිතිය - විමුක්ති එස්. ධනංජය)
විසුරවමි
නැවත පෙර ලෙස
,
කටු අකුල් හා රළු ගල්
සමඟ ගිරිහෙල් සියල්ලම
,
අපහැදිලි කල එදින
අඩියකට පසු අඩියක දුර
අප යනෙන මග
විකල් සිතුමක් වුව
වෙන විසදුමක් නම්
මට පෙනෙනු නැත
ලබනු රිසිවය යළි
,
මග පෙහෙළි කර එතෙර වන
බාධක සියල් විසුළ යුවළක
වෙහෙසට ගිලිහෙනු වෙනුවට
යළි යළිත් බැඳෙන සිතින්
ලබන සංතෘප්ති සැනසුම....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)