Wednesday, November 7, 2012




සියොතුන්ට ඉඟි බිඟි කර
විසල් රුක්, රුවැති මල්
සියල් පිරිමැද
ගිජුව තුඩ'ඟින් හාදු පා කර
පා නර්තනය
සුරතලය ගෙනහැර
පියමැන සැවොම පසුකර

මගබලන මිහිකත මත
විහිදාන නෙත් යුග,

වැතිර ගිමන නිවනට
සයනය වන්නේදැයි
රහසින් විමසන
වැහි බිඳුව
එතරම්ම චපල නෑ නුඹ....


Saturday, November 3, 2012


---සයුරු හිමි---

පැමිණිමි තනිව
සිහින් රැළි නගාගෙන
හිමි හිමින් ගලාගෙන
අවසන
මම ඔබ දකිමි

ඔබ
ඇය සමග

ඇයත් සමග
තවත් අය සමග

පසුව හා පෙර පැමිණි 
සැම සමග
තනි නැතිව

මම ඔබ දකිමි