Tuesday, April 17, 2012

සෙනෙහස
ඇවැසි තරමටත් වඩා ඉල්ලන
යදින තරමටත් වඩා දෙන,
තරමක් කහ පැහැ ගැන්වූන
ප්‍රේමය

පිළිවෙලකට එකේ සිට
අංක ලැබගෙන,
අසලම මග කියූ කවරද,
විසි නොකර එකඳු අකුරක්
පරණ පීත්ත පටියක
ගැට ගැසූ ප්‍රේමය

ඉඳහිට ලිහා
කියවන, පිරිමදින
සිහිනයක පා වන
ටිකක් වැඩිපුර
තව ටිකක් වැඩිපුර...


No comments:

Post a Comment