Wednesday, April 11, 2012


වේගවත් ජල කඳකට
නාසයක උස පරදන්න
හැම විටම කාලෙ මදිවන
ඒ අද්දරම කරකැවෙන
හරි පුදුම සහගත

දැන් උඩට ගලයි යන
පැතුමකි තවම ඉටු නොවුන
යටව තිබුණද මුලු සිරුර
දිය උල්පත තවම
නාහෙන් උඩට නොගලන

වැඩි වන දිය කඳට එරෙහිව 
තව තව උඩට නාසය
ගෙන යන මේ සිරුර
නොපරදින කිසිවිට 
හරි පුදුම සහගත

No comments:

Post a Comment