Tuesday, April 10, 2012


.....අහිංසක දඩබ්බරයා.....


මට පිස්සු නැහැ යාලුවනේ

සිතුනත් උඹලාට ඒ වගේ ...


ඉගිලී ඔංචිල්ලා

පදින එකතුව නුඹලා

දුව එන්න ඒ දැකලා

හිතුනද නොඑමි පිඹලා


වැරෙන් හැකි වෙර යොදා

පහර දී බෝලයට

වහළවල් උඩින් ගොස්

සංගන්න අහස තුල

බැරි වෙන්න උඹලාට

සොයා ගන්නට බෝලෙ

කැමැත්තෙනි මම ඉන්නෙ

දිනපතා හවස් කල


අම්මා විඳවන අමුතු ලෙස 

ගෙතුල ලෙඩවී නොම බැස

සිටි අයුර දකින විට ම'මනස

අවුල් වන බව සැබවි නිතරම...


කළුවරේ රෑ අවදිවන

අහම්බෙන් දහවල දකි

නකුඹුරන සියලු පැය ගණන

සොච්චමකි පියා ගෙන එන


නිවන අප බඩ ගින්දර,

දසුන මම දකින

හැම වර 'පියාණන්ගේ රුව

මහද අවුලන ගින්දර,

සෙල්ලම් නොකල වුව

කිසිවිටඅවුල් වෙන්නෑ සිත එමලෙස


බලාගෙන සිට ගල් ගැසුවාට 

උඹලා සෙල්ලම් කරන දිහාවට

හිරිහැර ‍වන ලෙසට උඹලාට

දොස් දෙමින් ඇනුම් පද කීවාට


කාණුවක මඩ වලක වැටී සිටි

බලු පැටව්ගොඩට ගෙන හෝදන්න

කන්න ටිකකුත් දෙන්න

උඹලාට පුලුවන්ද මට වගේ

මඩවලට බය මහත්තුරුනේ


මට පිස්සු නැහැ යාලුවනේ

සිතුනත් උඹලාට ඒ වගේ ...


එකතු වන්නට සිතෙන්නෑ

උඹලා එක්ක දුව පැනලා

ඇවිත් මාවත් බලෙන් හෝ

ගනිව්කෝ එක් වෙලා

කරදරම විතර නොවන බව

මට දැනෙයි සැනසුමක් ලැබිලා

හිත මගේ නැත්තෙ නෑ

යන්න ළමා ලොව පාවෙලා....


No comments:

Post a Comment