
විසුරවමි
නැවත පෙර ලෙස,
කටු අකුල් හා රළු ගල්
සමඟ ගිරිහෙල් සියල්ලම,
අපහැදිලි කල එදින
අඩියකට පසු අඩියක දුර
අප යනෙන මග
විකල් සිතුමක් වුව
වෙන විසදුමක් නම්
මට පෙනෙනු නැත
ලබනු රිසිවය යළි,
මග පෙහෙළි කර එතෙර වන
බාධක සියල් විසුළ යුවළක
වෙහෙසට ගිලිහෙනු වෙනුවට
යළි යළිත් බැඳෙන සිතින්
ලබන සංතෘප්ති සැනසුම....
No comments:
Post a Comment