Sunday, February 12, 2012


අහංකාර අත්ත
තෙතමනයක්
ගෑවිලාවත් නැති
හිතක් ඇති

අහකට පනින
පය තබන්නට හදන විටම
පෙන්නුවත් කෙතරම්
වැටෙන්නට බිම
ආසන්න බව අබලන්ව,

පෙරදාටත් වඩා
නොහඳුනන ලෙස
පියාපත් මෙතරම්
තෙත බරිතව ඇති විටක වුව
හොඳටම අකමැතිව
තෙමෙන්නට බිදකුදු
කවුරුහරි වගේ නාඳුනන,

කිසිඳු අවසරයක්
නොදෙන පය තබන්නට
අහංකාර අත්ත....

No comments:

Post a Comment