Wednesday, December 7, 2011


දරු පැටව්
මිහිරිතම සුන්දර වූ
සවියක්....
අම්මා ඔයාට පුදුමයක්...
දෙන්නා හොරෙන්ම
මොනවදෝ
තව වැඩක්...
දුව ඇවිත්
අත් පොඩින්
වැහැවුවා
මගේ ඇස්...

පුතා අත
කිරිකැටි අකුරින් 
පැතුම් පතක්....
අම්මා සුභ උපන් දිනයක්!!
මේ
සතුට ලැබුමට
මා කෙරූ පිනක්.....

No comments:

Post a Comment