Wednesday, December 7, 2011



හැංගිලා, ගවුම්කාරියෙක් හිත තුල

සිහින් කටහඬක් 
විටින් විට හඬන
විටෙක ගොරවමින් 
තරහ පිට කරන
හරි එඩිතරව
මතුවන්නටම තතනන
තට්ටු ගණනකට යටව 
හිත පතුලටම වී සිටියද...

ඉඳ හිට පෙනී නොපෙනී යන
පැරණි කෙනෙක්ය 
හොඳින්ම දැක පුරුදු 
කොණ්ඩ කරල් දෙකක් බැඳි
දණහිසට ඇඳි
මල් ගවුමකින් සැරසී

විඳවීමක් සුලුවට හෝ සිදු වන විට
නැවත නැවතම ගොරවන
ගිනිබෝල තීරණ 
එවන්නට සැරසෙන
එවිට අහක බැලුවොත්
දිව දික් කරන,
ලැජ්ජාවට පත් කරන
මෝඩකම් ඇති යැයි පවසන

ඒද හැම විටකම සාරියක් ඇඳි
අලුත් කෙනෙක්ය සිහිල ඉහින
සිහි කරවන නිතර
ඉවසුමේ සැනසුම ලබා
මංගල සේයාරුවක් ආඩම්බරව සුරකින
දෙමහල්ලන්ව ගිලන්ව සිටින,

බැරිම වුවහොත් 
ඒ ගවුම්කාරියට
නෙතඟින් පෙන්වාලන්ට සිදුවන
කාමරය මුල්ලකට පැන 
අවිහිංසකව හිනැහෙන 
කුඩා තොටිල්ල
රෝස පාටක් තැවරුන.....


No comments:

Post a Comment