Wednesday, December 7, 2011



---නිවාඩු දවසය---

 වෙනසක් නැතිව පිළිවෙලට 
තැබිය  යුතුව 
ගේ දොර අතුගා 
පසුව මොප් කර

නාන කාමර තරහ ගෙන 
පොළොව මත වැතිරගෙන
උස්සන්න උස්සන්න කියමින

දුව කැමති වුව
පුතා අකමැති කෑම 
බේරා සොයා සදනට
තාත්තා කැමති කෑම 
ඊට වෙනස් වන

මං එනකන් මග බලාගෙන 
මැලවී සිටින මිදුලෙ මල් පැල 
වතුර ඉල්ලමින්, තමන්ගෙ කෑම ගැන අසමින
දූවිලි ගැන මැසිවිලි නගමින...

සමාන පද, ගණිත ගැටලු
වීජීය ප්‍රකාශන සහ විසදන සමීකරණ
ආයෙමත්,
විරුද්ධ පද සොයමින්
නිල ඇදුම් සෝදන

ඒ අතර හොයමින් තව තවත් 
පෙරළමින් පොත් 
ගෙදර වැඩ
මදි නිසා තියෙන වැඩ

මේ පරිච්ඡේදය 
ගෙන එන අසිරිමත් පණිවිඩ,
දරුවන් ගොඩවෙන  
එකිනෙක පිමි පැන ,
සැනසෙන මෙතෙක් 
නොවිදි සුවයක.....

No comments:

Post a Comment