Wednesday, December 7, 2011



යළිත් සිනහව

 ඉබි ගමනකින් වුවද
වියළමින් නෙත් ගඟුල,
ඔබ ඇදෙන හැටි නැවත
නෙත් කොනින් හැඳින්නෙමි

සතුට මැවුවද සැනෙන්
හෙළන්නට 
නෙත් සිනා
අවසරය නොදෙන්නෙමි

වෙහෙස ගමි නිරන්තර
මකා සඟවාලන්න
නොපෑහෙන සියල් දේ 
අප අතර පටලැවුනු
හැකි අයුරු පාහන්න
පෙර ලෙසට සකසන්න
ප්‍රේමයත් සමඟින්ම
පෙර දවස අප බැඳුන 
බිඳුන ඒ රන්දමත්

ඉවසිලිව සිටින්නෙමි
ඉවසිලිව කීවාට
නොපියවූ දෑසින්ම
දකින්නෙමි යළි යළිත්
සොඳුරුවට,
වියළවන හිරු නැතත්
කදුලු නැති මුදු වතක්....


No comments:

Post a Comment