Wednesday, December 7, 2011




අප පළමු වර සිනමාහලක

හමුවුන මුල් දවස්වල
හදිසියෙම දිනයක
නොහිතපු ඇසිල්ලක
අඳුනන දෑස් මග හැර
ලිඩෝ එක ඇතුලට
ගියා නොව ඇදුනෙමි
ඔබේ පසු පස...

රවීන්ද්‍ර සම්පත් හාමුය 
හැබැයි ඔහු කථා නැත
අනෝජා මෙහෙකාරියව...
කථා නැති මගේ අත ගෙන
ඔබ කීව හැටි මතකය
"මමත් සම්පත් හාමු වගේ"

දෙගුණයක් වේගයෙන්
ගැහෙමින් තිබිණි හද
සෙනෙහෙන් සුරත පිරිමැද
විවේකය ඇරඹුම
ආපසු යන්න එකඟව
කිසිවක්ම කීවෙ නැත ඔබ
මගේ හිත රිදෙන ලෙස...

No comments:

Post a Comment