Wednesday, December 7, 2011



රළු බවේ උණුසුම

තාත්තේ,
සැහැල්ලුව
විඳිත හැක නිදහස්ව
අහකට ගත් විටදි
ඔය බර අත,
එහා මෙහා කර
කුඩා අත්තටු
අළුයම සුළඟ විඳිනට
සිතූ ලෙස ‍...

ඒ වුනත් පතමි මම
යලි විගසම,
එය නොමැති සැහැල්ලු
හිස් බවට වැඩිය
ඒ රළු බවේ උණුසුමම...

No comments:

Post a Comment