Wednesday, December 7, 2011



වෙනස් ආරූඩයන්

ඔබ සෙනෙහසට 
නතු වීලා සිටින සඳ
මම මුලු ලොවින්
වියුක්ත යැයි සිතට එන

මගෙ ලොව සරන්නට
මා  හා රැඳෙන්නට
සිදු වූවද කිසිවක්
අමතක නොවන ඔබ

ඉකිලන හදින් වුව
නටුවෙම ‍රැඳෙන මල
අවසරයක් වෙමිය
නිදහස ඔබට දෙන...

No comments:

Post a Comment