Wednesday, December 7, 2011



බරක් නොව එය මට.....


ඔබ එවන මල් පොකුරු 
මා මතම අහුර ගමි
සුළඟෙ යන්නට නොදී 
දෙඅතින්ම අවුරලමි
 මල් සමග දිරා ගිය 
කොළ රොඩුද
අතු කැඩුනු
නටඹුන්ද
රඳව ගමි
සෙනෙහසින්,
ඒ සියල් මටම හිමි

සුමුදු හෝ රලු වුවද 
ඉවස ගමි
ගස එවන 
සියලු දෙය මුලට හිමි
ඒ තරම් 
බර නොමැති.....


No comments:

Post a Comment