Wednesday, December 7, 2011



තනිව දැවෙමි...

නුඹ මා අසන්නට
මහත් වූ ලොබින්
එතරම්ම බලා
ඉන්නට ඇති

නමුදු මා
එකදු වදනකුදු
පිට නොකරන්නට
සිත හදා උන් හැටි

දැන් මා ඔබ අමතමි
නුඹ මහද දිනා ඇති
නමුදු
එවදන් නුඹට 
නෑසෙන හැටි

ම දෑතින් ඔබ සුරත 
තුරුලු කර ගත යුතුව,
ඒ තුරුලෙන් දෑත් මුදා 
නොගත යුතුව
තිබෙන්නැති

ඉඳින් මින් මතු
මගේ මේ දෙඅත්
ඔබටම වසඟව
තනිව දැවෙනු ඇති....


No comments:

Post a Comment