Wednesday, December 7, 2011



අතීත මතක.....

ගසින් ගසට මාරුවුන
කුරුල්ලෝ වුනෙමු අපි
වැස්සටත් ඉගිළ නොගිය
නිම නොවන කිචි බිචිය

හුවමාරු වුන 
බංකුවෙන් බංකුවට
ගල් පිළිම වුනෙමු යළි
බංකු ටික බදු ගත්ත
ගාල් වෙන්නට ඇහැකි
තව ඕනැ තරමකට

කාලයක් හිරු එත්ම
එක පවුලෙ උන් විලස 
හඳුනන්නෙ දුටු විගස
හමු වීම් නිම නොවන 

පාක්  එක බදු ගත්ත
උන් කොහේ කොහෙ ඇද්ද
නිම නොවේ යැයි සිතුව
කිචි බිචිය නිම කෙරුව.....

No comments:

Post a Comment