Wednesday, December 7, 2011



පියාපත්

එමටය,
නිදහස්ව දිලෙන
අහස පුරා පියඹන 
අඳුනන්නෝ,

දෙපා නමදිමින්
සමා ඉල්ලිය යුතු නැත,
ඒ තුලින් තැලුනු සිත්
සතුටු වන්නේ හෝ 
නැවත පියෑඹිය 
හැකි වන්නේ ද නැත

ගස මුල කඳුලු සලන
සිඳලූ පියාපත් ඉල්ලා,
යළි යළිත්
හඬා වැටෙන්නේ නැත

ඔතරම්ම කැමති නම්
පියඹන්නට බැරි යැයි
ඔච්චම් කරනට,
එසේ කෙරුමට
එපා කියන්නේද නැත...

No comments:

Post a Comment