Wednesday, December 7, 2011



අවසාන අවසානයට

අවසානය,
මට විතරක්ම
මොකද මෙතරම් මෘදුවට
පෙනී නොපෙනී යන
ටික කාලයක සිට

රුදු ලෙස 
යන බව රැගෙන
අසා ඇත ඔබ ගැන
කිසි දුකක් නැති
එතැනට

සියලු හඳුනන්නන් අතහැර
යන්ට මම කැමතිය
සොයා එනවද
නවතින්නටම මේ වර
ඊළඟ දුක එන්ට පෙර...

No comments:

Post a Comment