Wednesday, December 7, 2011

පොළොවට රිද්දන අහස


අහස රුදුරුව
ගිණි එළි බිමට පා කර
හැකි හැම දෙයම අත හැර
පොළොවට රිදෙනවා දැයි ඉවකර

සුවයෙන්
දුකෙ‍න් තොරවම,
පොළොව පෙර මෙන් දරන බව
පෙණුනු විට සැක හැර
අහස නුඹ තව නපුරු වන

දැඩි බව අසට නොමගෙන
තරු,වලාකුලු හා මිතුරුව 
මග බලන පොළොව මත
වැතිරෙන්න බැරි ඇයි සුමුදුව.....?

No comments:

Post a Comment