Wednesday, December 7, 2011



මිතුරියට..

 අපි දෙන්න කාලෙ ගෙවුමට
වැඩ සහ සිනහව කලවමට
ඒ සතුට ඈතක දමා ආ බව
ඊයේ විලස මතකය
මිතුරියෙ මාහට

හැඳ පැළඳ සුවඳ කවා නෙක
මොනරියක ලෙස ගමන් කරන ඔබ
මා නෙත් දෙකට
හමු වුන විට එබී ගෙන
සොයනා අඳුර
නොපෙන්වමි ආයෙ කිසි දින

ඔබ ලද දේට ඔබ සුදුසුය
අත්තටු බිඳුනද
මෙය මටද හිමිමය
දෙවියන් කෙදින හෝ 
ලංවන දින
තුටු වෙමි නිබඳ
ඔසු ගැල්වූ තටු ද පිරිමැද...

No comments:

Post a Comment