Wednesday, December 7, 2011



සිර කරමි ...

එළවා පසුපසින් ගොස්
ගන්න කැමතිය
සිර භාරයට

හදේ කොනකම
පැලපදියම්ව ඇති
හද කොනහන
කුරුමිණි අඩු වලින්,
විරහ ගී ගයන
විඳවුම් 
සියල්ලම.... 

සිරෙන් ගිලිහී
නිමේෂයකින්
පෙර ලෙසම කොනහන
ඔලුව උස්සන
ඔප දමා තව
මතුව හනිකට...

No comments:

Post a Comment