Wednesday, December 7, 2011



ගෙදරකින්

තබා වසා ගනු මැන
ඔබේ ඔය දෑතට
වැසී යන ලෙස
මගේ කුඩා දෑත,
දැන ගන්නට මෙලොව
මා ඉන්න බව තවම

රිදෙන ඇදුම් දෙන,
විටෙක
සිර කර ගන්න තතනන
හද මතට
පණ පොවනු මැන
උනුසුම් සුසුම් පා කර,

අත් පටලා පෙර ලෙස
යාමට රිසි නොවුවද
එනු මැන 
ටිකක් කලින් නිවසට
වළා මතින් එළි වූ
සිනා වත ඔබෙ එකළු කර

වර්ණ ගන්වා 
ඔබට රිසි ලෙස 
සිත්තම් කළ මහද
කාලයත් හා අවර්ණව,
හිස් තැන්ය බොහො තැන,
වර්ණ ගන්වනු මැන කැමති ලෙස
ඔබ දන්න මා කැමති වර්ණ ගෙන
ඒ සියලු හිස් තැන,
දැන ගන්නට මෙලොව
මා ඉන්න බව තවම

No comments:

Post a Comment