Wednesday, December 7, 2011



....
පැටවුන්ට....

වතුර බිංදුව පුංචි ඔබ
අපට සිහිල දෙන,
හැඩය ගෙන
පිනි බිඳුවක,
නිදහසේ සරන
වගකීමක හැඩය 
නොදැන තව..

වතුර බිංදුව
මේ කඩුළු වෙහෙසකර
පනිමින් නියම හැඩයට
හෙට ගඟක්
වන්න නියමිත

රකින්නට ඇත කෙත්
සාර ලෙස..
පැහැබරව..
පීදුනු ඵල ඇතිව,
සෝදා පාලු නොකර
රුදුරු වෙස් ගෙන,

සෙනේ සුසුමින්
නළවන්ට වන
ඒ ලපටි පැල
නැගෙයි උන් දඟ 
සිනා හඬ හෙට

වතුර බිංදුව
එලෙස පවතින විට
පෙර සිහිළ යළි
අප වෙතට එන
සතුටින්ය අප
වුන වෙහෙස ගැන
ඉතින් ගඟකට....


No comments:

Post a Comment