Wednesday, December 7, 2011



..දනියාර් ඔබ..

 අහම්බෙන් හෝ පසුකර
යන්නේ නම් දනියාර් ඔබ
මාද හමු වේ නම් මැනව
සිටිමි මම මග බලා 

මලානික වූ මේ ජීවය
අවදි කළ හැකි
අරුම පුදුම ගති ඇති,
දෙඇස් කැටුව 
ප්‍රේමයේ ආලෝකය
පිරී තිරී ඇති

ලොවැති සුන්දරත්වය
මවා පෙන්විය හැකි 
අති විශාල වූ ආලය
පපු කුහ‍රයේ පුරවාගත්
දනියාර් ඔබ
සිටිමි මම මග බලා...

හද පතුල  විදහාලන
ගී ගයත හැකි
එ හඩින් ආශ්චර්යමත් වූ
අගෝස්තු රාත්‍රියේදී
නිදා වැටෙනා ස්ටෙප්ස් භූමිය
අවදි කළ හැකි

රාත්‍රිය එනතුරු
නැග කදු මුදුනට 
නෑසෙන හඩවල් ඇසුව හැකි
මාද නංවාගත් ගැල,
සියලු ගැල් පරදවමින්
ඔට්ටුවට දිවිය හැකි
දනියාර් ඔබ
සිටිමි මම මග බලා...

(ප.ලි. 
තවද,මා අන්සතු වේ යැයි
නිතර බුම්මාගත් 
මුහුණ ඇතුළත
සියලු සුන්දරත්වය 
පෙන්විය හැකි...)


No comments:

Post a Comment