Wednesday, December 7, 2011



..කළු කෝට් එක..

 කළු කෝට් එක
මං අකමැතිම
ඇහෙනවද මං කියන දෙය
කැමතියි ඊට
යට ඇති සුදු කමිසයට

 ආවහම හමුවෙන්න
අසා දැන ගන්න
සියළුම ධාර්මික නීතිය
පවසා හද සනසන්න
දක්ෂයෙකි ඔබ
දිව අගම 
හැම පැණයකට පිළිතුර

 එක වැඩක් තබා කල්
තව එකකට දුව යන
විවේකය නොසිතන
කළු කෝට් එක
මං අකමැතිම....

No comments:

Post a Comment