Wednesday, December 7, 2011


පොඩි අයියා...

ඉක්මනින්ම ගොස්
නොපෙනෙන ලෝකයට
ජීවිත පොත
සෙමින් පෙරලුමට
මා අතට දෙමින..

මවගෙ හා 
පියාගෙත් 
සොඳුරු රූ 
හදිසියෙම ගිලගෙන

පෙර නුදුටු ඈතක්
පෙන්වන්න
පෙරමුණ ගෙන
හිරු මැකී ගොස්
අඳුරු දහවල
දසත මවමින
හිස්තැන් අඩු නැතිව

මගෙන් දුක ගෙන
නුඹ හිසෙහි තබාගෙන
ළගම සිට මා හා
සිනාපිරි නුඹ වත
නොදැක ගෙවුනු ඒ
පහලොස් වසරට 
එකතු කරමින
අද උපන් දින පැතුමද..!

No comments:

Post a Comment