Wednesday, December 7, 2011


එන්න ආදරය වෙත...

එන්න ඔය උකටලී බව  
පසෙකලා
මට ඕන ඔබට 
ආදරය කරන්නට
වසර ගණනකට 
පෙර වගේම 
මා එසේ නොවේ යැයි
සිතුණද ඔබට  
එදා මෙන්මය 
මගේ හද තව

එන්න මහද දිනූ
පුංචි සමනළිය මෙන්ම 
නැළවෙන්න මා තුරුලෙ 
නොඅසන්න අනවශ්‍ය 
පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න
පසෙක ලන්න පොතින් පතින් 
ජීවිතය ගැන කියන අපබ්‍රංස 
විශ්වාස කරන්න ඔබ මාව 
ඔබ එදා මෙන්ම 
මගේ එකම ආදරය!...

No comments:

Post a Comment