Wednesday, December 7, 2011



ගසක දුක

 සුළඟ, හිරු හා වැස්ස හැම ගෙන
කොළ තරම් මල් දැරුව සතොසින
හැම මලම සෙනෙහසින් නහවන
ගස, හිරු මැදද ලපටියන් නලවන

සිප ගන්නී පොහොට්ටුව ලයට ගෙන 
දිදුලන්නී විකසිතවු  කුසුම් අස 
සුව දෙන්නී ලා දළු ඇකයෙ දරමින
රකින්නී මල්, සුළඟ හා නිති රඟදෙන

නැළවෙන මලක් සුකොමල වන අයුරු දැක
සතුටට ගසේ ඇස් බොර වෙනවා වුවද,
කිසිවෙක් නොදුටු කදුළක් ගස දරාගෙන
ගස තනි කරන් මල ගිලිහෙන දවස දැක......

No comments:

Post a Comment