Wednesday, December 7, 2011



එක් වසර කීපයක්....

මල් පියල්ලක
සිත්තමක්ව
එක් වසර කීපයක්

නිති සිතින් පිරිමදින 
අවපැහැ වෙතැයි
දරනු නොහැකිව
දෙඅත්ලෙන් මුවාකර ගෙන
රකිමින

සැමරුම සොඳුරු බව
තව වසර කීපයක්
අපව ජීවත් කරවන

ඒ සොඳුරු සිතුවම
යළි නොපෙනෙනා විට
සැබෑවට,
දිවියෙන් මකා දමන
තව වසර කීපයක්

එක් වසර කීපයක්
මල් පියල්ලක සිතුවමක්.....

No comments:

Post a Comment