Wednesday, December 7, 2011



වහින හඩ

 ඇද වැටෙන ඒ හඞෙහි 
මන්ද හා ඉහළ ස්වර
රිදී නොරිදා ගලන
රිදුම් ඇති මහ ගොඩක්

ඉඳින් ඒ සමගින්ම
බිඳෙන් බිඳ 
හද තුලත්
නොනවතින 
වැසි රැසක්

වැටෙන්නට ඇහැකි නම්
නිහඩවම වැහි බිංදු
නොබිඳින්න හැකි නොවෙද
කඳුලු බිඳු වේල්ලක්......

No comments:

Post a Comment