Wednesday, December 7, 2011



අද්‍රෘශ්‍යමාන බලවේග


අද්‍රෘශ්‍යමාන බලවේග
අහා සැනසුමක් ගෙනෙන
භූතයන් හෝ
ප්‍රේතයන් විය හැකිය

පැගෙන්න ඇඳ යට තැබූ 
කණ්නාඩි කුට්ටම
හොඳ හැටි පේන්නට
මේසය උඩට

එක විදිහකට ඇහුරූ
බෙහෙත් ටික
රෑ පාවිච්චි කර විසුරුවා තැබූ

සෝදා නවා සරම අල්මාරියට,
ඇඳ උඩ
ගලවපු විදිහටම දමා තිබූ

තැන තැන දැමූ විලවුන්
ගෙදරින් යාමට පෙර
ඇතිවෙන්න ඇඟ පුරා ලූ
එනවිට හරි පිළිවෙලකට
හිතා ගත නොහැකි ලෙස

දකින්නට රිසිව ආ
කූඹි පිරි ‍පෙරහැර
තේ බිව් කෝප්පයෙ
කෝ ඒක කොහොමද
සෝදා පිරිසිඳුව පිඟන් රාක්කයෙ

ගෙදර මතක් වන විටත්
සැනසීම
උදෑසන දුටුව ලෙස,
තේ සමඟ
කන්නට සාදා
කැමතිම ෆෑන් කේක් හවසට
ආ විගසම දක්නට
දුහුවිලි බිඳක් නොමැති කාමරය...

මා දකින්නට රිසිව ආ හැමදේම 
මට විරුද්ධව
ඇදහිය හැකිද
හැබෑවටම මෙවැනි දේ
පැවසුවේ නම් මේ සහනයන් කිසිවෙකුට
පවසාවි පිස්සෙක් යැයි මාහට
නිසැකවම,
ඉවසා ඉඳින හැටියට මේ බලවේග

අද්‍රෘශ්‍යමාන බලවේග
අහා සැනසුමක් ගෙනෙන.....

No comments:

Post a Comment