Wednesday, December 7, 2011



පුංචි තරුවක්

 එයි අමාවක දිනට
පුංචි තරුවක්
පුරසඳ අහලක නැති
නුබ ගැබ මුදුනට
පිසින්නට
හුදෙකලා කඳුළු කැට...

තරුවක පුංචි බව
තවත් පොඩියට
දකින්නට නියමිතව
පසලොස්වකට,
කළුවර දිනය
අමතක කරන
අහස තෙම.....

No comments:

Post a Comment