Wednesday, December 7, 2011



මල් හා රොඩු

 ඔබ එවන මල් පොකුරු 
මා මතම අහුර ගමි
සුළඟෙ යන්නට නොදී 
දෙඅතින්ම අවුරලමි

මල් සමග දිරා ගිය 
කොළ රොඩුද
අතු කැඩුනු
නටඹුන්ද
රඳව ගමි
සෙනෙහසින්,
ඒ සියල් මටම හිමි

සුමුදු හෝ රලු වුවද 
ගස එවන සියලු දෙය
මුලට හිමි
ඒ තරම් බර නොමැති.....


No comments:

Post a Comment