Wednesday, December 7, 2011



උසාවි බිම සැරිසැරූ කත

කඩමාලු සාරියක් 
ගතපුරා දැවටෙන
උරහිස දිගට රෙදි 
බෑගයක් එල්ලෙන,
සෙනෙහෙ කවන 
කුසගිනි නොරිස්සුම මැවූ 
සිඟිත්තිට
අඳුරින් වැසුන
මේ සඳ අමාවක

ඉල්පී නහරවැල් මැකූ ඇගේ තුරුණු අත
සෙනෙහසේ දම්වැලින් මිදුනාට කැමති නැත
ඔහුගෙ නව බැඳුම්හට ඇගෙ තරහ වගක් නැත
දරුවන් අමතක කෙරුම හද කපා හෙළනු ඇත

ගෙදර සිට මග බලන තව කුඩා නෙත් දෙකක්
උසාවි බිම පුරා දැන් ඇවිද්දද කී වරක්
දරුවන් නොසලකා ඔහු නික්මිලා දැන් කලක්
මේ ලබන නඩත්තුව හද පෙළන මහ දුකක්.....

No comments:

Post a Comment