Wednesday, December 7, 2011



හෙන්දිරික්කා මල

මා ප්‍රියය
හිරු කුමර,

ආඩම්බරකාර
නරක මල් 
උදෑසන පිනි 
පිසඳා ගත්,
සිනාසෙන'යුරු ඔබ හා
ඇසුවෙමි නිරතුරු

සිතුනද දුක,
සිරකර තබා ගමි සිත
සවස් වන තුරුම
සිනාසෙන්නට 
ඔබ සමඟ 

ඔබ ඉතින් 
නිදි ලොවට
සැනෙකින්ම
මගේ මුදු සිත 
නොවැටහෙන...

No comments:

Post a Comment