Wednesday, December 7, 2011




ආදරණීය ගීය

වාඩි වී උයන් කොන 
සොඳුරියට ලංව ඉඳ
ඔබ ගෙතූ රසවත්ම
ආදරණීය වූ ගීතය

අතු පතර නැලවෙමින
ඇගේ මුදු ගෙල වටා
මල් කිනිති දවටමින
ගයන"යුරු දුටුව සඳ
මහද හුරු සතුටකින

අසන්නට ලැබේ නම්
කාලෙකින් නො ඇසූව
මටත් ඒ ගීතයම
ඔබ හඬින් නොව කිවිඳ
මහද මෝහන කරන
ඔහුගෙ සුමධුර හඬින්.....

No comments:

Post a Comment