Monday, October 22, 2012




හිරු එළිය විඳ විඳ
පැහැපත්ව හා නිරුපද්‍රිතව
කෙළි දෙලෙනි
'මග වැජඹෙන
සියලු වූ මහ රුක් පෙළ,

අමතකව ඒවා විටෙක
කැඳවති
සඟවා තැබූ 
ලා පැහැති අතු හා මල්ද

'හිරු එළියටම

ඉදින් නොහැකිය
වගක් ගන්නට 
ඒ යටි අසුරනයනට
ඉර දවටන
පැහැය තවරගන්නට
අකමැති වන බවට...


No comments:

Post a Comment