
තුරු වැල් තලා පෙළමින්
එහා
මෙහා ඇවිදින
විසල්
වූ ඇතුන් ගැන
අසීරුව
කරබා ඉඳින
මිහිකත
දකින
අහස්
ගැබ
සමා
කරවයි
බුහිටියැයි
ඒ සියල්
රිදී
නොරිදී පය ගසන
මුදුව
පියවර තබන
කහකුරුළු
යුවලට
විරුදු
විය යුතු බවට
අසාධාරණව
හඩ තලා
මොරගෙඩි
එවයි
නිල්
අහස...
No comments:
Post a Comment