බස්සෙකුට

බස්සෝ,
සොයා ගන්නම් මමත්
එක්කෙනෙක් මට ගැලපෙන්නට
මම වගේ බස්සියෙක්ම
ආස්සරේට
මේ තියෙන හද පෙළන
කාන්සිය පවසන්නට
හිතුනාම සිනාසෙන්නට
නුඹ උවමනා නෑ ලංවෙන්නට
මගෙ යාළු බස්සියන්හට
රවටගෙන මාවත්...
උන් එක්ක
මට හිනාවෙන්නට
ඕන නම් මුනිවත බිඳින්නට
මගෙ යාලු බස්සියන් එක්කම
අත හරින්නම් උන්
නුඹටම අයිතිවෙන්නට
සොයා ගන්නම් මමත්
බස්සෙක් ගැලපෙන්ට මට
බකුසු ලෝකේ
තනි නොවන්නට.....
තනිය නැත බකුසු ලොව
ReplyDeleteවැඩි වදන් නොමැති බව
දැනෙයි තනි වූ දිනෙක
‘හ්ම්‘ හඩ පමණි ඉම !