Wednesday, May 16, 2012

සුළඟ අත වනයි
රැගෙන විත් වරුසාව
'එන්න විඳගන්න
වැහි දිය සිහිල
සියළු දාහයන් නිමා කර'

'සුළඟ,
විගස පැමිණිය නොහැක...
සෙමින් යම් මොහොතක
පිරිද්දීමට සිහිල සහ දාහය
හදවතට දැනෙන විලසට'
පවසයි ජනෙල් පියන් පත
නගා අවියත් නාදයක
නොදැනෙන ලෙසට
දොරටුවට..

No comments:

Post a Comment