Wednesday, December 7, 2011



මම පසු බසිමි
විසිර යමි
නොපෙනී යමි
අවකාශය පුරා

 ඉල්ලුවෙමි සරන්නට
සියලු තැන්හි 
ඇතුලු විය හැකි මට විතරක්ම,
දේශ සීමා නැති,
තනන්නට අප දෙදෙනාට
නිතර මල් වැසි වසින දූපතක්
පාවෙන්න සිහිනයක...

ඔබ එයට රිසි ඇති
කාලය නිමව ඇති
අත හරිමි මා වෙතින් 
අඩක් නිම වූ දූව
නතු වෙමි
හුදෙකලා අඳුරට

පසු බසිමි
අවකාශයේ
විසිර යමි...


No comments:

Post a Comment