Wednesday, December 7, 2011


නූතන රැජිනක්

මම රැජිනක්
මුලු අන්තඃපුරයකට
ඉහළින්

මම අති‍න්ම නුඹට
කන්න ටික හදා දෙන
ඒ දෙය කරන්නට
අන්තඃපුරයම සැදී පැහැදීගෙන

නුඹේ දරුවන් 
පෝෂණය කරන්නට
ගේ දොර බලා ගන්නට
බලය මට
නුඹ මගේ 
සුන් පැතුම් ඔවුන්ගේ

ඔවුන් මා ගැන දන්න
මා ඔවුන් දැන දන්න
දෙගොල්ලන්ටම 
එකම දුක දැනෙන
ඔවුන් මට ඊරිසියා කරන
මම ඔවුන්ට ඊරිසියා කරන
එළිපිට නොපෙන්වන

නගර දාහක් පසු කර
රැය ගත කරන්නට
මගේ ගෙදරටම එන
ඔවුනට නවතා ගත නොහැකි වන
කිසිවිට මා අත් හැර නොයන
මා හිමි නුඹ

සියලු නිල උත්සව 
මොණරියකව සැරි සරමින
කිරුළ පළඳන නුඹගෙ රැජිනව
ඔවුන් දස අත
අනන්තව කැටුව ගියද 
කිසිදා කරළියට නොඑන

නුඹට ආභරණික 
කුටුම්භයකට
සියලු අභරණ ලබා දෙන
සියල්ල අප වෙනුවෙන් නොවුනද
රටක යුතුකම් අවසනදී 
මවෙතටම ඉතිරි වන

දිනයක් එන
හැබෑවටම මං සදාකාලික
නුඹගෙ රැජිනම වන...!




No comments:

Post a Comment