Friday, June 8, 2012

----බොන එක නවත්තනවදනැද්ද?----
Cheers

"ඔයා දැන් බෙහෙත් බොනවද?"

"
හ්ම්ම්...."

"
අපරාදෙ දැන්මම.. ඉතින්..ඉතින්... දවසට කී පාරක් බොන්න තියෙනවද?"

"
ආ.. තාම දෙසැරයයි..."

"
හ්ම්.. ඉක්මනටම ආවා නේද ඒකත්.. "

"
මොනාද?"

"
වයස.."

"
හ්ම්ම්."

"
හ්ම් නෙමෙයි දැන් නම් ඔයාට ඩ්‍රින්ක්ස් ගන්න එක නවත්තන්න වෙයි.."

"
හ්ම්ම්.."

"
තාම සිගරට් බොනවද?"

"
ඔව් .. ඒත් ඩොක්ටර් කිව්වෙ ඒක නම් නවත්තන්නම කියලයි.. ඒත් අමාරුයි එක පාරටම..."

"
එහෙම කියලා බැහැනෙ.. 
"
ඔයාට ඉතින් බඳින්න කිසිම උවමනාවක් තිබුණෙත් නෑ.
දැන් තේරෙනෙවනෙ ඒකෙත් පාඩුව..
එහෙමනම් මේ වෙලාවෙ වයිෆ් අවශ්‍ය විදිහට කෑම ටික හදල දෙයිනෙ...
ඒ නැතිව ගෙදර ඉඳල එන්නවත් ඔයාට ඕන කමක් නෑ..
එහෙමනම් අම්මවත් පුලුවන් විදිහට ලෙඩේට හරියන කෑම ටික හදලා දෙයි.....
යාලුවන්ගෙ ගෙදර හිටියට ඒ මිනිස්සුන්ට ඔයාගෙ ලෙඩ ගැන හිතන්න වෙලාවක් නැහැනෙ..
.
ඔයාට ඉන්න දෙන එකම මැදැයි ඒ මිනිස්සු.."

"
නෑ.. මේකයි දැන් මට බොන්නෙ නැතිව ඉන්න පුලුවන් ඒත්....ඒක ඊට වඩා අමාරුයි වගේ මට පේන්නෙ..."

"
ආ.. ඒ සැරේ මොකද? "

"
මාර වැඩේ තමයි අරූ මගේ යාලුවා දවසක් ඇර දවසක් වගේ පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවනෙ..
මේ වෙනකන්ම මාත් එක්කම තමයි..දන්නවනෙ ඉතින් අපි නිදහස් කොල්ලොනෙ..
ඇති වෙනකම්ම මාත් බිව්වා ඉතින්.."

"
හපොයි මන් නොදන්‍න කොල්ලා..
හරි නම් ඉස්කෝලෙ අග හරියෙ ඉන්න ළමයි ඉන්න ඕනෙ..
හරි හරි මොකක්ද ප්‍රශ්නෙ කියන්නකො?"

"
නිකන් හරි මං නොබී හිටියොත් මාර වාතයක් මට වෙන්නෙ..
ඌගෙ ‍ඔක්කොම ආවතේව කරන්න වෙනව මට. එපා වෙනවා මට ඒ වෙලාවට.."

"
ආවතේව? මොන වගේ ඒවද?"

"
ඇයි ඌ එක එක වැඩ කරන්න කියනවා මට...
..
ඌට ඩෝප් වුනහම ඉතින් ටිකක් කම්මැලියි වගේනෙ නැගිටින්න..
මාත් ඒක දන්නවා අත්දැකීමෙන්..ඉතින් මට කියනවා
"
ඔය දොර වහපන් මචං,
අර බෝතලේ ගෙනත් දීපන්කො මචං,
කවුද ආවෙ බලපං මචං..,
ෆෑන් එක දාපන්කො..,
අනේ මචං ඔය ෆෑන් එක ඕ‍ෆ් කරපන්කො..,
ඔය බයිට් එක ලං කරපං මචං...
සිගරට් ඉවරයි ..උඹට බැරිද මචං අර කඩේට ගිහින් ගේන්න..
මචං මගේ ෆෝන් එක පේන්‍න තියෙනවද මචං...
ඔන්න ඔය වගේ ඉවරයක් නෑ..
..
මට ඩෝප් නෑ කියලා ඌ දන්නවනෙ.. හරි වාතයක් ඒක."

"
තව මට එපා කරනම එක තමයි..
රෑට කන්න එන්න කියලා ඌට කතා කරන්න ඕන පැය ගාණක්....

"
මේව ඔක්කොම එක්ක මං හිතුවා දිගටම බොන එක හොඳයි කියලා ඇත්තටම එක මට පහසුයි...ලේසියි..."


http://www.dinamina.lk/epaper/?id=14&tday=2012%2F06%2F15

No comments:

Post a Comment