Monday, January 2, 2012


සොඳුරු සිහිනෙක වෙළී
සමනළුන් පියාඹන
සතුටු සිතුවිලි දරා
ගෙවී ගිය තනි මගේ
ඔබම දිගු කළ සුරතෙ
වෙළී එන්නට එදා
මම බැහැයි කිව්ව නම්

පිපුණු මල නෙලාගෙන
ගන්න තුරුලට ඔබේ
වියරු කළ සෙනෙහෙ සිත
තව තවත් අවුලුවා
මාව මාගෙන් මුදා
යන්න තුරුලට ඔබේ
මම බැහැයි කිව්ව නම්

කාලයක් ගත වෙලා
ඔබට ගැලපෙතැයි සිතු
ලබා ගත යුතුය සිතු
මල් වගේ සුර ලඳුන්
ලබා ඔබ සැනසේවි
මා දුකක් නොවිඳීවි
මම බැහැයි කිව්ව නම්

 දුක ඔතා එවු ගලම
නිල් මැණික් ඔබ්බවා
මා නැවත එවූ සඳ
දෝතටම තුටින් ගෙන
දිස්නයද ඔබම ගෙන
දිදුලේද ඔබ දිවිය
මම බැහැයි කිව්ව නම්




No comments:

Post a Comment