Tuesday, October 30, 2012


අමතන විට 
අප මුල් වරට
ඔබගෙ හඬ 
මටත් වඩා සැලෙන

ඔබ අනේ 
සැලෙන ලා පත
තදින් රිදවන්න
මටම දුක හිතෙන...


Photo: Please share this album © Evgeniya Batysheva
http://facebook.com/ArtPics.tv

මට නම්...

හඳුනගනු අසීරුය
හුදෙකලා වූ හස්තයකි
තනිව ගමන් යති
සඟවගෙන ඇඟිලි තුඩු 
පිනි වැස්සකට තෙමි තෙමී...

තනිව ඇද හැලී
සොබාවික ලෙස
පිහිටිය නොහැකිවී

ගිම්හාන උණුසුමෙද

එදා ඒ සුරත මතම 
වැතිරුණ....


Monday, October 22, 2012




හිරු එළිය විඳ විඳ
පැහැපත්ව හා නිරුපද්‍රිතව
කෙළි දෙලෙනි
'මග වැජඹෙන
සියලු වූ මහ රුක් පෙළ,

අමතකව ඒවා විටෙක
කැඳවති
සඟවා තැබූ 
ලා පැහැති අතු හා මල්ද

'හිරු එළියටම

ඉදින් නොහැකිය
වගක් ගන්නට 
ඒ යටි අසුරනයනට
ඉර දවටන
පැහැය තවරගන්නට
අකමැති වන බවට...





දොර වසා 
පළවා හරින විටදිත්
පිටත් විය 
මුවින් නොබැනම

එහෙයින්ම 
පළා ගියේය
ප්‍රතික්ෂේපයේ 
අපේක්ෂිත තෘප්තියද...

Wednesday, October 17, 2012



නොදිලී ඉන්න
සිතා ගෙන තරුවක්
පසලොස්වක දිනවත්...
නෙත් පියාගෙන 
වැතිර ගෙන...

'සඳ නුඹ ගන්න 
මුලු අහසම
හැම රැයම'




වැහි බිංදු
එක පොකුරකට ගෙන
වළාකුළු 
මුර සෙබළු ලෙස

සිරකර 
අණසක 
පතුරගෙන

අහස ඒ ගැන
හිත නොහොඳ
කරගෙන....

Tuesday, October 16, 2012


සුළඟ දඟ කර කර 
එපා කරදර
ඒ පහන් දැල්ලට

අඳුරට පාට තවරා
සිතුවමට ලා වර්ණ මුසු කර
මවමින් ඉතා සරලව
ඒ එළිය
බොහෝ සොඳුරුය


දැල්වී 
කළුව මැකුමට
සුළඟ ඔබ
සහය වෙනවද?


Monday, October 15, 2012



තුරු වැල් තලා පෙළමින්
එහා මෙහා ඇවිදින
විසල් වූ ඇතුන් ගැන
අසීරුව කරබා ඉඳින 
මිහිකත දකින
අහස් ගැබ
සමා කරවයි
බුහිටියැයි ඒ සියල්

රිදී නොරිදී පය ගසන
මුදුව පියවර තබන 
කහකුරුළු යුවලට 
විරුදු විය යුතු බවට
අසාධාරණව හඩ තලා
මොරගෙඩි එවයි
නිල් අහස...

Friday, October 5, 2012



* කුසගෙන්..

කම් නැත පබවත,
හිමි නොමැති සඳ නුඹ හද
වැළඳ නොගනිමි
මුණ ගැසෙන
සතුට මග දිග

සරදමක් නොව
ලොව ඇති

සියළු අනෙකුන්
කුස ලෙස
පෙනෙත මට.....

Tuesday, October 2, 2012


දුවේ එන්න හැකි ඉක්මනට
නැටුම ඉවරවුන ගමන්ම 
මං ඉන්නෙ දොර ලඟ

තාත්තා මග දිගට කීවෙ
මග හැරේවියි අන්තිම බස් එක
පටන් ගෙන ඇති දැනටමත්
ඔහු මිදුලෙ සිට සක්මන
පාර දෙස බල බල....