Wednesday, September 26, 2012


By Samara Wijesinghe

මුණුපුරෝ
පහේ ශිෂ්‍යත්වෙ
බොහොම සතුටුයි දැන්වීම
සමත් වුණ පළමුවන කඩඉම

පුතේ මේ ටික
නො කියා ඉඳිමි මම
දැන් ඉතින් දිගටම
දිවීම සහ කඩුලු පැනීම
හුස්මක් ගන්න දැන්
පපුව පිරෙන්නම
වෙලාවක් නැතිවෙයි
හුස්ම ගන්නට පසුව



Sunday, September 23, 2012


හිරි පොදටද
මහ වරුසාවටද
එක ලෙසම තෙත් වන
නෙතු පිය
වියළවාලන්නට

පිරිමසා ගත හැක
මේ ඔබ ගෙනත් දුන් 
සුසුම් පිරි බඳුනක්ම
තවම ඉතිරිව ඇත...

Sunday, September 16, 2012




හිරු රැස් දුන්නු සායම්
උලා සැම පෙති මත
සිනාසෙන මල් කැකුල
සතුට ගෙන්වනු වුව

නිතර එහෙ මෙහෙ කැරකෙන
සුළඟ ගැන
තමන් තැතිගෙන ඇති බව
ළඟම ඇති ගස වෙත
පවසමින් ගස 
සුසුම් පා කරන හඬ
සුළඟ අහගෙන...




Translation by 
Renuka Mendis

despite the joy
of the flowers

all their petals

painted by the sun’s rays

the flowers complain
about the wind

that is swirling here and there

and they complain
to the closest tree
the sound of the sigh it makes
heard by the wind


Monday, September 3, 2012





ඉදින් නොදුවමි
පසුපස
සෙවණැල්ල වී ඔබ
තිබිය නොහැකියෙන්
හෙවනැලි දෙකක්
එකම කෙනෙකුට....

බස්සෙකුට

 


බස්සෝ,
සොයා ගන්නම් මමත්
එක්කෙනෙක් මට ගැලපෙන්නට
මම වගේ බස්සියෙක්ම
ආස්සරේට
මේ තියෙන හද පෙළන
කාන්සිය පවසන්නට
හිතුනාම සිනාසෙන්නට

නුඹ උවමනා නෑ ලංවෙන්නට
මගෙ යාළු බස්සියන්හට
රවටගෙන මාවත්...
උන් එක්ක
මට හිනාවෙන්නට

ඕන නම් මුනිවත බිඳින්නට
මගෙ යාලු බස්සියන් එක්කම
අත හරින්නම් උන්
නුඹටම අයිතිවෙන්නට
සොයා ගන්නම් මමත්
බස්සෙක් ගැලපෙන්ට මට
බකුසු ලෝකේ
තනි නොවන්නට.....