Friday, July 13, 2012





නොසිතුවෙමි ඇතියැයි ලෝකයක්
ඔබ හැර...
දැනෙයි ඇති වග ලෝක තව,
පෙනෙන අයුරට
ගිනිය නොහැකිවු තරමට...
එහෙත් වෙනසක් ඇතිද
කොයි එකත් එකම විදියට.

පුතේ,
අමතක වීද
එවෙලේ
උගැන්නූ සියල්ල

පුතේ,
නරක වෙලාවක් වීද
නුඹේම දෙපතුලෙන්
පෑගෙන්න

පුතේ,
අමතක වීද
පිනිබිඳු ඉසි බව එය???
දෙතොලඟට ගිනිගත්???

පුතේ,
මුදු නිසා
මල් පෙති හරිම
පෑගුණොත් ඇති එක වරක්....

Friday, July 6, 2012




සුළඟට ගසාගෙන ආ
ඔහු හිස පැළඳගත්
මල එන්න,
මට ඔබ වන්න...

නෙලා ඔහු නිසාම,
ඒ හිස පැළැන්ඳූ
මල මේ මම...
ආ ඔබ ගන්න
මොහොතකට
ඔබ මා වන්න...

Sunday, July 1, 2012


තෙරපූයෙන් ඔබ, 
අගාධයට
නොවැටී
සිටින්නට මට,
රැදෙන්නට
සිදුවිය
අසුවන
සියළු ගස්වල
අතු මත